Trending Newsඑසැන පුවත්දේශීය

ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ වියදම වැඩි නිසයි – මින් පසු, ගිනි නිවීම, මාලිමාවේ කොට්ඨාස සභාවලින් කරනවා.

ඇල්ල වනජීවී රක්ෂිත කලාපයට අයත් ඇල්ල රොක් කඳු වැටියේ දහතුන් වැනිදා පසරුවේ සිට ගිනි ගැනීමක් හටගෙන ඇති, ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ අංශ සහ හමුදා කණ්ඩායම් යොදවා ඇතැයි සඳහන්.

අධික සුළං සහ ගින්න පැතිර යන ස්ථානයට ළඟා වීමට ඇති අපහසුතාව හේතුවෙන් ගින්න පාලනය දුෂ්කර වී ඇත. මේ වන විට ගින්නෙන් අක්කර 600කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී තිබේ. පවතින තත්වය මත පර්වත කොටස් මාර්ගයට පෙරළීමේ අවධානමක් පවතී.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසන්නේ ඉදිරියේදී මෙවන් ගිනි තැබීම් වළක්වා ගැනීමට ජාතික ජන බලවේග කොට්ඨාශ සභාවලට වගකීම පැවරීමට කටයුතු කරන බවයි. පසුගිය වසර කිහිපයකදීම මෙවන් ගිනි ගැනීම් නිවා දැමීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීම අසාර්ථක වී ඇති බවත් පැවසූ සම්පූර්ණ ඉන්ධන පුරවා ගත් ගත් පසු ඉන් වතුර බකට් දෙකක් ප‍්‍රවාහයට පමණක් ප‍්‍රමාණවත් බවත් එයද නිසි ඉළක්කයකට යොමු කිරීම අපහසු බවත් පැවසීය. පසුගිය වසර කිහිපයේ තිබූ අසාර්ථක අත්දැකීම හා අධික වියදම හේතුවෙන් මෙම ගින්න පාලනය සඳහා හෙලිකොප්ටර යොදා යොදා නොගත් බවද ඔහු පැවසුවේය.

Related posts

NEC discusses incentives to exports and manage imports to boost foreign exchange reserves

Mohamed Dilsad

Kolkata Knight Riders beat Rajasthan Royals by 6 wickets

Mohamed Dilsad

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment