Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී කිලෝව රු. 130 මිලදී ගන්නා බව පවසා, සහල් මිල වැඩිකිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

වී කිලෝවක් රු.130කට මිලදී ගන්නා බව පවසා ඉදිරියේදී සහල් මිල ඉහළ දමා ගැනීමට ඇතැම් මෝල් හිමියන් මේ වන විටත් ප්‍රකාශ සිදුකරමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි. රජය විසින් ප්‍රකාශයට පත් කළ වී මිලෙන් ගොවියාට නිසි ලෙස සාධාරණයක් නොවුණත් සහල් මිල පාලනය කර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීම සඳහා ගොවි සංවිධාන රජයේ මිලට කැමැත්ත දැක්වූ බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

රජයේ සහතික මිලට අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 120 ක් වුවත් සමහර මෝල් හිමියන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 130 කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කරන බවත් හෙතෙම පැවසීය. වර්තමාන ආණ්ඩුව විසින් සහල් කිලෝවක් සඳහා නියම කර තිබෙන පාලන මිල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ යුතු බවද කීවේය.

මේ වසර පුරාම දැනට පවතින සහල් මිල පවත්වා ගෙන ගොස් පාරිභෝගික ජනතාවට සහන ලබා දිය යුතු බවත්, දැනට පවතින සහල් මිල අඩු කර ගැනීමට අවශ්‍ය නම් ගොවි උපකරණ මත යොදා තිබෙන බදු ඉවත් කර ගොවිජනතාවට සහන ලබා දිය යුතු බවත් හෙතෙම කීවේය.

මෙවර කන්නයේ වී අස්වැන්න පසුගිය දිනවල ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා අඩු වී තිබෙන නිසා දැනට වෙළෙඳ පොළට පැමිණෙන අස්වැන්න නිසි ලෙස කළමනාකරණය කර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

මෝල් හිමියන් වී කිලෝවක් රුපියල් 130 ලබා ගත්තත් නාඩු සහල් කිලෝවක් රුපියල් 230 කට සිල්ලරට අලෙවි කළ හැකි ව තිබියදී රුපියල් 130ට වී මිලදී ගන්නා නිසා ඉදිරියේදී සහල් මිල වැඩි කිරීමට සිදුවන්නේ යැයි ප්‍රකාශ සිදුකරන බවද අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. මිල තීරණය කිරීමේ අයිතිය ආණ්ඩුව සතු නිසා මිල වෙනස් කිරීමට යම් පිරිස් උත්සාහ කළත් ආණ්ඩුව ජනතාවගේ පැත්තේ සිට තීන්දු ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ගෙවී ගිය කාලය සැලකීමේදී සුළු වී ප්‍රමාණයක් වැඩි මිලට මිලදී ගෙන සමස්ත සහල් තොගයම වැඩි මිලට විකුණා ගැනීමේ ව්‍යාපාරයක ඇතැම් මෝල් හිමියන් කටයුතු කළ යුතු බවත් මෙවර කන්නයේ සිට මෙම තත්ත්වය නැති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

Related posts

දිවයින පුරා කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කෙරේ

Mohamed Dilsad

Koreans in Sri Lanka donates relief items to flood victims in Ratnapura

Mohamed Dilsad

Ammunition, military equipment discovered at residence of ‘Makandure Madush’s associate

Mohamed Dilsad

Leave a Comment