Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) සවස කොළඹ ප්‍රදේශයේ හෝටලයකදී පවත්වා තිබේ. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක ඇතුලු පිරිසක් එක්ව සිට ඇත. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සාකච්ජා පවත්වා තිබේ.

එම සාකච්ඡාව පිළිබඳ අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ , “සාකච්ඡා සාර්ථකයි. සමගි ජන බලවේගයේ කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ. ඉදිරියේදී සාකච්ඡාවට එයාලත් එකතු වෙයි. පළාත් පාලන මැතිවරණයට ඉදිරියේදී එකට එකතුවෙලා තරග කරනවද, වෙනවෙනම තරග කරනවද කියන එක අපිට ළඟදීම තීරණය කරන්න වෙයි.

Related posts

Gotabhaya Rajapaksa named SLPP’s Presidential candidate

Mohamed Dilsad

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

Mohamed Dilsad

එක රටක් එක නීතියක් බලකාය​ට නව සාමාජිකයින් තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment