Trending Newsඑසැන පුවත්දේශීය

පොලීසියේ ලොකු පුටු මාරුවක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා දී තිබේ.

ඒ අනුව, පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

* ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

* රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතාව බස්නාහිර පළාත (රථ වාහන) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට බස්නාහිර (උතුර) දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුවීම් ලබා දී තිබේ.

* රාජකාරි ඉටු කිරීම නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතාව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාරි ඉටු කිරිම සඳහා මාරුවීම් ලබා දී ඇත.

මීට අමතරව, වැඩබලන පොලිස්පතිවරයා විසින් විශේෂ රාජකාරි පදනම යටතේ 2025.02.12 වන දින සිට නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතාව නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවට අමතරව රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා ද පත් කිරීම සිදු කර තිබේ.

Related posts

CHE Summit 2019: Outbound training with Positive Employee Engagement – [VIDEO]

Mohamed Dilsad

Georgia hit by massive cyber-attack

Mohamed Dilsad

பள்ளி பேருந்து மீது ரெயில் மோதிய விபத்தில் 4 பேர் பலி

Mohamed Dilsad

Leave a Comment