Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව ඒකමතිකව සම්මතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (07) පස්වරුවේ සම්මත විය. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.

යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිව් දෙනෙක් අදහස් පළ කළහ. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙම යෝජනාව මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර ද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් සඳහා බලනොපාන බවයි. පළමුවරට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට මෙම යෝජනාව බලපාන බව සඳහන් කළ ඔහු, මෙම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි, වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී, විවාදයේ පිළිතුරු කතාව කරමින් අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ, මන්ත්‍රී රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාම පක්ෂ බවයි.

අමරසූරිය මහත්මිය මෙසේද කීවාය. මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට.

Related posts

මහින්ද රාජපක්ෂ නිල නිවසෙන් යවන්න, වටගලත් වටේ යයි

Editor O

மக்களின் ஆணைக்கும் பெரும்பான்மை எம்.பிக்களின் விருப்பத்துக்கும் செவிசாய்க்குமாறு ரிஷாட், ஜனாதிபதியிடம் கோரிக்கை!

Mohamed Dilsad

மன்னார் நகர அபிவிருத்தி தொடர்பாக எழுந்துள்ள உண்மைக்கு புறம்பான கருத்து

Mohamed Dilsad

Leave a Comment