Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කළ නොහැකි බව, වරප්‍රසාද පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව දැනුම් දෙයි.

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. ඒ ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වන විට කමිටු වාර්තාව බාර දී ඇතැයිද ඒ මහතා පැවැසුවේය.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000ක් වන නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.

මේ අතර වාර්තා වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව දන්වා ඇති බවයි. හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව දන්වා ඇතැයිද පැවසෙයි.

හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විමින් මෙම කමිටුවක් පත් කළේය

Related posts

நவீன தொழில்நுட்பத்தில் நாளை உலகை வெல்வோம் -அமைச்சர் றிஷாட் தலைமையில்

Mohamed Dilsad

කුවෙට් එයාවේස් ලංකාවට එන එක නවත්වයි

Mohamed Dilsad

விரைவில் திரிஷாவின் பலமுகங்கள்

Mohamed Dilsad

Leave a Comment