Trending Newsඑසැන පුවත්දේශීය

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත කරයි.

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය නිකුත් කර ඇත.

තීරුබදු බලපත්‍ර වලට විදේශ වලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.

එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙලෙන බවයි.

ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත

Related posts

‘A new force shaping the future of the global economy’: Saudi Arabia PIF chief

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් නඩුවෙන් තිලිණ ගමගේ නිදහස්

Mohamed Dilsad

பெரும்பாலான பகுதிகளில் 100 மில்லிமீற்றர் மழை வீழ்ச்சி பதிவாகக்கூடும்

Mohamed Dilsad

Leave a Comment