Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ ඇමති සහ නියෝජ්‍ය ඇමතිලාට වාහන 02ක් ඉන්දන ලීටර් 900ක්

ජනාධිපති ලේකම් සනත් කුමානායක විසින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ නව රජයේ අමාත්වරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහායි.

ඒ අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන පහසුකම් ආදිය සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු දක්වා තිබේ.

එහි දැක්වෙන ආකාරයට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා උපරිම නිල වාහන දෙකක් භාවිත කළ හැකි අතර එම වාහන සඳහා මාසිකව උපරිම වශයෙන් ඉන්ධන ලීටර 900ක් වෙන් කෙරෙන බවයි. එමෙන්ම නිවාස දුරකථන සඳහා මාසිකව උපරිමය රුපියල් 20000ක් සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් දස දහසක් වෙන් කෙරෙනු ඇති.

එමෙන්ම සෑම අමාත්‍යවරයෙකුටම උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව පවතින අතර උපරිමය දෙදෙනෙකු නොඉක්මවන පරිදි එම පත් කිරීම් සිදු කළ යුතුය. අමාත්‍යවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩලය 15ක් වන අතර නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලය 12කි.

මෙම තනතුරු සඳහා අමාත්‍යවරයාගේ හෝ නියෝජ් අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප ඥාතීන් පත් නොකර ගත යුතු බවට මෙමගින් උපදෙස් දී ඇත.

ඇමති කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුටද වාහන 4ක් හිමිවෙයි. ඇමැතිවරුන්ට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන්ටද මාසික දුරකථන දීමනා හිමිය.

එම චක්‍රලේඛය පහතින්

Related posts

ඕනෑම කෙනෙකුට ඉල්ලීම් කල හැකියි – යුද හමුදාපතිවරයා

Mohamed Dilsad

Commanding Officer of FNS Auvergne calls on Commander of the Navy

Mohamed Dilsad

கைதிகள் வேறு இடங்களுக்கு மாற்றம்

Mohamed Dilsad

Leave a Comment