Trending Newsඑසැන පුවත්දේශීය

නාමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබීය.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේය.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් කියා සිටියේ එම සිදුවීමට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 4 වැනිදා කැඳවන ලෙසත් නීතිපති උපදෙස් ඉන් පෙර ලැබුනහොත් නොතිසි නිකුත් කරන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර දැනුම් දුන්නාය.

Related posts

இலங்கை அணி 2-0 என்ற அடிப்படையில் தொடரைக் கைப்பற்றியது

Mohamed Dilsad

සිනමා ශාලා වසා දැමේ

Mohamed Dilsad

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment