Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම අධිකරණය අසළ වෙඩි තැබීමේ සිද්ධියට හමුදා සෙබළෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට, යුද හමුදා සෙබළෙකු අ‍ැතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර ආබාධිත යුද හමුදා හිටපු සාමාජිකයකු ද වන බවයි පොලීසිය සඳහන් කළේ. අදාළ ඝාතන සඳහා යොදාගත් පිස්තොල ගිනි අවියද සොයාගෙන ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් පසුගියදා (16) උදෑසන මන්නාරම අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට පැමිණෙමින් සිටි පිරිසක් ඉළක්කර අධිකරණ සංකීර්ණය ආසන්නයේදී වෙඩි තබා තිබිණ,

එහිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර කාන්තාවක අ‍ැතුළු තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කෙරිණ. එලෙස ජිවිතක්ෂයට පත්වුයේ මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම පදිංචි සෙල්වකුමාර් සුදාහරන් නොහොත් ජූඩ් නැමති 42 හැවිරිදි පුද්ගලයකු සහ සවරියාන් අරුල් නැමති 61 හැවිරිදි පුද්ගලයෙක්.

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේ.

Related posts

Sri Lanka Cricket donated medicines worth Rs. 1 million to the Apeksha (Cancer) Hospital in Maharagama

Mohamed Dilsad

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment