Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වා

වත්මන් ආණ්ඩුවේ සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා පවසයි. හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්තේ උපාධියේ නොව බුද්ධියේ බවයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය මර්වින් සිල්වා මේ බව කීවේය.

කෙතරම් උගතකු වුව ද ප්‍රායෝගික නැත්නම් වැඩක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි. වෛද්‍යවරයෙකු නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවය කොට තිබිය යුතු බවත් විදෙස් රටක නම් එම වෘත්තියේ නොයෙදෙන විට අවුරුදු 5කට පසු දොස්තරකම අහෝසි වන බව ද මර්වින් සිල්වා ප්‍රකාශ කරයි.

ආචාර්ය මහාචාර්ය යනුවෙන් විශාල පිරිසක් සිටියත් කම්මලක යකඩ තලන ආචාරියෙකුට ඇති දැනුම ද නොමැති බවත් මේ විදිහට ගියහොත්, විශාල ශාපයක් බවට පත්ව මුහුද ගොඩ ගලනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

Related posts

බදු ක්‍රමයේ වෙනසක්…? ; වාහන මිල ඉහළ ට

Editor O

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

Mohamed Dilsad

ராஜாங்கணை, தெதுரு, அங்கமுவ நீர்த்தேக்கங்களின் வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

Leave a Comment