Trending Newsඑසැන පුවත්දේශීය

දුරුතු පොහෝ දිනය අදයි.

මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ සඳහන්. බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකදීය.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

Quo Warranto Writ Petition against Rajapaksa withdrawn

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට පළවනදා සිට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

Leave a Comment