Trending Newsඑසැන පුවත්දේශීය

දුරුතු පොහෝ දිනය අදයි.

මෙම වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගන චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ සඳහන්. බිම්බිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනකදීය.

දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Related posts

Smith, Warner, Bancroft bans to stand as CA rejects submission

Mohamed Dilsad

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවක් සම්මත කරයි….

Editor O

வாரியபொல பகுதியில் இடம்பெற்ற வாகன விபத்தில் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment