Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමතිනී ඩයනා ගමගේට එරෙහි චෝදනා, නීතිපති විසින් මහාධිකරණයට ඉදිරිපත් කරයි.

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද (9) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබීය. නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ දී බව සඳහන් කළේය.

එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව වසර 20කට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තර්ක කළේය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවය.  ඒ අනුව නඩුව මාර්තු මස 05 වනදා විභාගයට ගැනීමට  විනිසුරුවරයා නියෝග කළේය.

Related posts

Sri Lanka shows improvement ranking 90th on GII 2017

Mohamed Dilsad

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

32 arrested for reckless and dangerous riding

Mohamed Dilsad

Leave a Comment