Trending Newsඑසැන පුවත්දේශීය

වී කිලෝවක සහතික මිල ට ආණ්ඩුව කරන්න යන දේ ගැන ආචාර්යය හර්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

වී කිලෝවක සහතික මිල රුපියල් 110 ක් ලෙස, ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට රජය සූදානම් වන බවත් දැනටත් වී මිල ඇත්තේ ඊට බොහෝ ඉහළින් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

සහල් වල පාලන මිල දැනට පවතින සීමාවේ පවත්වාගෙන යාමට නම් වී පාලන මිල මෙම මිලට ගෙන ආ යුතුව ඇති බවද හෙතෙම කියා සිටියේය. ඒ අනුව වත්මන් රජය විසින් ගොවි ජනතාවට දෙන ලද පොරොන්දු බිඳ හෙලිමට සූදානම් වන බවත් ඔවුන් විපක්ෂයේ සිටියදී පැවසුයේ ගොවියාගේ වී නිෂ්පාදනයට ඉහළ මිලක් ලබා දෙන බවත් ඔහු පැවසීය.

එසේ නොවන්නේ නම් ගොවියාගේ වී සඳහා රජය විසින් මිලදී ගන්නා සහතික මිල කීයක්දැයි නිශ්චිත වශයෙන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කරන ලෙසද ඔහු අද (07) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය

Related posts

Prseident meets Party Leaders

Mohamed Dilsad

Macron says new Notre-Dame Cathedral will be more beautiful

Mohamed Dilsad

காலவரையறையின்றி ரஜரட்ட பல்கலைக்கழகம் மூடப்பட்டது

Mohamed Dilsad

Leave a Comment