Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

පසුගියදා මුලතිව් වෙත පැමිණි මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් පිරිස, සාකච්ඡාවලින් අනතුරුව නීතිමය ක්‍රියාදාමයක් ඔස්සේ පිටුවහල් කිරීමට රජය සලකා බලමින් සිටින බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

‘විදේශ කටයුතු අමාත්‍යාංශය මියන්මාර රජය සමඟ සම්බන්ධ වී මෙම පිරිසගේ තොරතුරු ලබා දී තිබෙනවා. අපි නීතිමය ක්‍රියාවලිය අනුගමනය කරනවා. මියන්මාර රජය සමඟ සාකච්ඡා කරනවා. මේ අවස්ථාවේදී ඔවුන් පිටුවහල් කිරීම ගැන සලකා බලනවා’

සරණාගතයින් පිරිස බලධාරීන් සමඟ සාකච්ඡා කර අවසන් වනතුරු සරණාගතයන් රඳවා සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දෙසැම්බර් 19 වැනි දින රෝහින්ග්‍යා වැසියන් 115 දෙනෙකු රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ දෙසට පාවී පැමිණියේය. බෝට්ටුවේ සරණාගතභාවය පතා පැමිණි පුද්ගලයින් 103 දෙනෙකු සහ යාත‍්‍රාවේ සේවකයන් 12 දෙනෙකු ද සිට ඇත.

Related posts

Out-dated circular misused – President’s Secretary

Mohamed Dilsad

පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස අඟවමින් මුදල් වංචා කළඅයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

“Our experience may be of direct relevance to Sri Lanka” says Indian HC

Mohamed Dilsad

Leave a Comment