Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය තියෙන්නේ අමාරු තැනක – ඇමති විජිත හේරත්

රටේ ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. වැටිච්ච තැනින් නැගිට රට ගොඩ ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවද ඒ මහතා කියා සිටියි.

එක පවුලක් ලෙස වැඩ කරද්දි පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගන්න වෙන බවද කී ඔහු ඇතැම් තීන්දු වලට දරුවන් කැමති වන අතර ඇතැම් තීන්දුවලට දරුවන් අකමැති වනු ඇති බවද පවසයි. නමුත් එම තීන්දු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතුව ඇති බවද පැවසු ඔහු එය සිදු කළේ පවුලේ හොඳට තමන්ගේ හොඳට බව යම් දිනක දරුවන් තේරුම් ගනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය. සිය අමාත්‍යංශයේදී නිලධාරින් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

மாகாணசபைகளுக்கு பொருளாதாரத் திட்டங்களை முன்னெடுக்க அதிகாரம் உண்டு

Mohamed Dilsad

Parliament to convene tomorrow [UPDATE]

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

Mohamed Dilsad

Leave a Comment