Trending Newsඑසැන පුවත්දේශීය

බස්නාහිර පළාතේ ගුරුවරුන්ට දැමූ තහංචිය, හකුලා ගනී.

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට තම පාසල්වල සිසුන්ට මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතුවූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවය.

Related posts

බැසිල්ට ලොකු ආශාවක් ඇති වෙයි! ඊලඟ සැලසුම විමල් – උදය දෙසට

Mohamed Dilsad

புகையிலை உற்பத்தி முழுமையாக குறைவடையும் வாய்ப்பு

Mohamed Dilsad

Shashi Welgama further remanded till February 16

Mohamed Dilsad

Leave a Comment