Trending Newsඑසැන පුවත්දේශීය

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ.

මුල් අදියර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන එන බව පොලිස් රථවාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

මෙම කැමරා ගෙන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ සවිකිරීමට කටයුතු කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවන්වලදී අනවශ්‍ය වැඩ කරනවාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැලකට රිංගාගෙන සිටිනවාද? යන්න පිළිබඳ සොයා බැලීමට නොවන බව රන්මල් කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි. “අපි මේක ගේන්න ප්‍රධාන හේතුව වුණේ සමාජ මාධ්‍යවල මෙයට පෙර අපි නොදැක්ක ආකාරයේ රැල්ලක් අවාසනාවකට දක්නට ලැබෙන නිසයි. රථවාහන අංශයේ නිලධාරීන් අත දමා වාහනයක් නතර කළාම මිනිස්සු දැන් එන්නේ ෆෝන් එක උස්සගෙනයි. මොනවද රාලහාමි කියන්නේ. මම කවුද කියල දන්නවද? කියල පාරේ ඉන්න පොලිස් නිලධාරියාව අවුස්සල පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය ලස්සනට වීඩියෝ කරනවා. පොලිස් නිලධාරියාව අවුස්සන කොටස වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල දානවා. ඔය තත්ත්වය මඟ හරින්නයි අපිට කැමරා සවිකරන්නේ යැයි ද රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.

කණ්ඩායම් වශයෙන් මහමඟ රාජකාරියේ නිරතව සිටින විට අනිවාර්යෙන්ම ඒ එක් නිලධාරියකුගේ නිල ඇඳුමේ කැමරාව තිබෙන බවද රන්මල් කොඩිතුවක්කු මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය, වෘත්තීයභාවය රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවත් පොලිසියේ ගෞරවය රැකෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය රැකුණොත් පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

Pothas says ‘not communicated’ about his role after Hathurusingha’s appointment

Mohamed Dilsad

Lankan father in Italy shoots daughter, attempts suicide

Mohamed Dilsad

Colombo Defence Seminar 2018

Mohamed Dilsad

Leave a Comment