Trending Newsඑසැන පුවත්දේශීය

ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

පවත්වන ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. 

මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමේ සිටින තම පක්ෂ නියෝජිතයින් දැනුවත් කරමින් ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකට සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. එළඹෙන අප්‍රේල් මාසය වන විට මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. ඒ වෙද්දි වත්මන් ආණ්ඩුවේ එක කාර්තුවක් අවසන් වෙලා. ආණ්ඩුවේ ක්‍රියකාරකම් පිළිබඳව ජනතාව දෙන තීන්දුව කුමක්දැයි බලාගන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය හොඳ අවස්ථාවක්. විපක්ෂයක් විදියට පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීමට අප සූදානම් වෙමින් ඉන්නවා.

Related posts

පොලී අනුපාත වෙනස් නොකිරීමට මහ බැංකුව තීරණය කරයි

Mohamed Dilsad

UNP Convention on Oct. 03 to declare Sajith’s candidacy

Mohamed Dilsad

Disrupted water supply restored in Colombo

Mohamed Dilsad

Leave a Comment