Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය 50ක දේශපාලන ජීවිතය අළලා ස්වකිය චරිතාපදානය රචනා කිරීමට සූදානම් වන බවට ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ මහතා 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මහතා බියගම ආසන සංවිධායක ලෙස දේශපාලනයට පිවිසියා.

1977 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 2022 එහි කතානායක ධුරය හැර අන් සියලු තනතුරු දරා තිබීමත් විශේෂත්වයක්. 2022 සිට 2024 දක්වා කාලය තුළ ඔහු මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙසයි කටයුතු කරනු ලැබුවේ. 1994 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙසට කටයුතු කරනවා. මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින ඔහු ජාත්‍යන්තර දේශකයෙක් ලෙස කටයුතු කිරීමත් විශේෂත්වයක්.

Related posts

Visually impaired cricket match takes place in Glasgow

Mohamed Dilsad

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

Consular Fees revised by the Foreign Ministry

Mohamed Dilsad

Leave a Comment