Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ වෛද්‍යවරුන්ට, විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි.

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය විසින්. එය 2023 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට බලාත්මක බව සඳහන්. මීට පෙර රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් පැවැති අතර අනතුරුව එය 60 දක්වා අඩු කිරීමටයි ආණ්ඩුව කටයුතු කළේ.

කෙසේ වෙතත් පසුගියදා නව අමාත්‍ය මණ්ඩලය වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අදාළ වයස 63 දක්වා දීර්ඝ කිරීමට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩලයට යෝජනාවට අනුමැතිය හිමි වුණා.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ යනු ඇති.

Related posts

Michael Pena to lead “Fantasy Island” film

Mohamed Dilsad

அம்பலந்தொட மற்றும் தங்கல்ல டிபோ ஊழியர்கள் பணிபுறக்கணிப்பில்

Mohamed Dilsad

අද මෙරටින් කොරෝනා ආසාදිත රෝගියකු වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment