Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

රුසියාව නවතම ඖෂධයක් සොයා ගනී.

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව එම්ආර්එන්ඒ එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය වාර්තා කරයි. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කර තිබේ.

මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වේ. ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත හදුන්වා දෙයි.

මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තාවේ.

”එම්ආර්එන්ඒ”” එන්නත මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දෙයි. එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන් කෙරේ. මේ වසර මුලදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණේ “අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” යනුවෙනි.

Related posts

மத்தியமாகாணம் தமிழ் மொழி பட்டதாரி ஆசிரியர்களுக்கு 142 பேருக்கு நியமணம் கடிதம் வழங்கி வைப்பு – [IMAGES]

Mohamed Dilsad

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

Mohamed Dilsad

வரலாற்றுக் கடமைகளிலிருந்து வழிவிலகிய யதார்த்தம்

Mohamed Dilsad

Leave a Comment