Trending Newsඑසැන පුවත්දේශීය

ධනපතියන්ගේ බදු අඩු කර සහන දෙයි. දුප්පතාගෙන් අය කළ බදු දෙගුණ කරයි.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැඳවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්ඳුමකින් රටම රවටා ඇතැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ඒ බව සඳහන්. එම නිවේදනය පහතින්. ‘උපුටා ගැනීම’

බදු සංශෝධනය – අටුව කඩලා පුටුව හැදීම
121,000 කට බදු අඩු කර, ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට රැඳවුම් බදු වැඩි කරලා

මැතිවරණ සමයේ දී රට රවටමින් උපයන විට ගෙවීමේ බදු සීමාව රු. ලක්ෂ දෙකක් කරන බව පැවසූ අනුර කුමාර දිසානායක ඊයේ (18) එය රු. 150,000 ක් කරන බව නිවේදනය කළේය. අදාළ බද්ද ගෙවන පුද්ගලයින් 121,000 කට එමගින් වාසියක් සැලසේ.

ඒ සමඟම රජය දැනට 5% ක් වන රැඳවුම් බද්ද 10% දක්වා වැඩි කර ඇත. ලංකාවේ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 ක් පවතින අතර එයින් ගිණුම් ලක්ෂ 50 ක් මාසික ක්‍රියාකාරී මට්ටමේ පවතී. මේ සියළුම ගිණුම් සඳහා ලැබෙන පොලිය 5% ක බදු වැඩිවීමට යටත් කොට ඇත.

වත්මන් අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය දිගින් දිගටම හැකිලෙමින් තිබේ. සමාජයේ පහළ මැද පන්තිය සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකිව ලතවෙමින් ඇත. එසේ තිබිය දී, රටේ පහළම ආදායම ලබන පිරිසක් ද ඇතුළත් වන ලක්ෂ 161 ක් වන සියළුම ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ට අතිරේක බදු බරක් පැනවීම කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකිය.

මාසිකව හෝ අර්ධ වාර්ෂිකව තැම්පත් පොලිය ආහාර, බෙහෙත් ඇතුළු දෛනික අවශ්‍යතාවයන් සඳහා ලබා ගන්නා ලක්ෂ 50 කට ආසන්න පිරිසකට රැඳවුම් බදු බර පැටවීම සහාසික ක්‍රියාවකි.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

උපුටා ගැනීම අවසන්”.

Related posts

Italy’s Matteo Salvini shuts ports to migrant rescue ship

Mohamed Dilsad

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

Death toll mounts as wildfires rage across California

Mohamed Dilsad

Leave a Comment