Trending Newsඑසැන පුවත්දේශීය

සහන මිලට මත්පැන් ලබාදීමේ වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව සුරාබදු කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

නීති විරෝධී මත් පැන් පානය කරන පුද්ගලයින් ඉන් මුදවා ගැනීම සඳහා දැරිය හැකි මිලකට ගුණාත්මක මත්පැන් බෝතලයක් හඳුන්වා දීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.

නිති විරෝධී මත් පැන් රටේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තියනවා. සුරාබදු ආදායමෙන් සියයට තිහක විතර ප්‍රමාණයක් අපට අහිමි වෙලා තියෙන්නේ මේ නීති විරෝධී මත් පැන් නිසා. මේ මත් පැන් නැති කරන්න නම් අපට වැටලීම් වලින් විතරක් කරන්න බෑ. වැටලීම් කරන ගමන් ඒ සඳහා යොමු වෙලා ඉන්න මහ ජනතාවට විකල්ප යෝජනාවලියක් ගෙනෙන්න ඕන.

ඒක නිසා අදහසක් තියනවා මුදල් අමාත්‍යාංශය එක්ක කතා කරලා නීති විරෝධී මත් පැන් සඳහා යොමු වෙච්චි ජනතාවට විකල්පයක් විදිහට ඒ අයට දැරිය හැකි මිලකට අඩු මිලකට ගත හැකි මත්පැන් බෝතලයක් නිශ්පාදනය කරන්න.

ඒක ප්‍රමිතියෙන‍් යුතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂා කරලා ඒ අනුමැතිය ලබාගෙන තමයි වෙළඳපොළට දාන්න දෙන්නේ. මේක සුරාබදු ආදායම වැඩි කිරීම හෝ මත්පැන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් නෙමෙයි. ජනතාව ගලවා ගැනීම පිනිස කරන වැඩපිළිවෙළක් බව යැයි සුරාබදු කොමසාරිස්වරයා පැහැදිලි කළේය.

Related posts

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

கொச்சி விமான சேவை தொடங்கியது

Mohamed Dilsad

சஜின்வாஸ் குணவர்தனவுக்கு உயிர் அச்சுறுத்தல்

Mohamed Dilsad

Leave a Comment