Trending Newsඑසැන පුවත්දේශීය

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබේ. වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇතැයි කියන වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි. ආචාර්යය අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී යෝජනා කිරීමට නියමිතව තිබේ. කෙසේ නමුත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයෙන්ද කතානායක ධූරයට නමක් යෝජනා කිරීමට සූදානම්වන බව වාර්තාවෙයි.

Related posts

காட்சிப்படுத்தப்பட்டுள்ள வாக்காளர் பெயர் பட்டியல்

Mohamed Dilsad

Successful food crops cultivation in Puttalam

Mohamed Dilsad

පිටි කිලෝ එකක නව මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment