Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17දා සිට ප්‍රදර්ශනය කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ හා පක්ෂවල ප්‍රචාරක වියදම් මෙන්ම ආදායම් වාර්තා දෙසැම්බර් 17වැනිදා සිට මහජනතාව වෙත ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අදාළ ආදායම් වියදම් වාර්තා තරග කරන ලද දිස්ත්‍රික්කයට අයත් තේරීම් භාර නිලධාරි වර්තාවල හා ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ වාර්තා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මේ අනුව ප්‍රදර්ශනයට තබනු ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයන් 8361 දෙනෙකු තරග කළ අතර ඔවුන්ගෙන් 7412 දෙනෙකු ද තරග කළ ස්වාධීන කණ්ඩායම් හා පක්ෂ 690කින් 493ක් ද ආදායම් වියදම් වාර්තා භාර දී තිබුණි. ජාතික ලැයිස්තු අපේක්ෂකයන් 527 දෙනාගෙන් 434 දෙනෙකු ද සිය වාර්තා භාර දී තිබුණි.

Related posts

මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී

Editor O

அத்தியாவசிய பொருட்களின் விலை தொடர்பில் புதிய விலை

Mohamed Dilsad

மாத்தறை மாவட்டம்

Mohamed Dilsad

Leave a Comment