Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයක් තුළ පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් මාධ්‍ය ප්‍රකාශක ජයතිස්ස මහතා : “එක එක කණ්ඩායම් ඒක මතු කරලා තියෙනවා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් එය කරාවි. බලාගෙන ඉන්න. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න එපැයි. එක එක දේවල් කියාගෙන ඉන්න. මේ දවස්වල එයාලාගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කතානායකවරයා සිදු කරාවි.

යම් හෙයකින් මේ වනවිට ඉදිරිපත් වන තොරතුරු සත්‍යය නම් කතානායකවරයා සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක්ද

මාධ්‍ය ප්‍රකාශක : කතානායකවරයා තමන්‌ගේ සුදුසුකම් පිළිබඳව වාර්තාකරාට පස්සේ අපි ඒක බලමු. සත්‍යය නම් ඒ පිළිබඳ තීන්දුවයි. අසත්‍යයි නම් ඒ පිළිබඳ ගන්න තීන්දුවයි දෙකම කියන්නම්. වුණාට පස්සේ. අසත්‍ය නම් ප්‍රශ්නයකුත් තියෙනවා.”

Related posts

Palitha Range Bandara’s son Yashoda remanded [UPDATE]

Mohamed Dilsad

ස්වාධින පක්ෂ එකමුතුවේ ‘උත්තර සභාගය’ අද එළි දකී

Mohamed Dilsad

Examination Department’s Special Announcement for A/L Private Candidates

Mohamed Dilsad

Leave a Comment