Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 වසරේ කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයත ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ පිළිබඳව පසුගිය මස 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගී වී ඇති පක්ෂ නායක රැස්වීමේදි 2023 වර්ෂයේ කැඳවන නාම යෝජනා අවලංගු කර අලුතින් නාමයෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව දැනට කැඳවා ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ආපසු කැඳවීමට සහ නව නාම යෝජනා කැඳවීම පිණිස විධිවිධාන සැලැස්වීමට හැකිවන පරිදි මැතිවරණ කොමිෂන් සභාව වෙත බලය ලැබෙන සේ පළාත් පාලන ආයත ආයත ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කරන ලෙස තීනි කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

30 லட்சம் பெறுமதியுடைய 2 குதிரைகளை திருடிய 2 பேர் கைது

Mohamed Dilsad

සමන්තා දිවයිනෙන් යයි

Mohamed Dilsad

මාසික වැටුප් ගෙවීම අර්බුදයක්! සතිපතා වැටුප් ගෙවන්න යැයි ගම්මන්පිලගෙන් යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment