Trending Newsඑසැන පුවත්දේශීය

මහවිරු සැමරුම සමාජ මාධ්‍යයේ පළ කළේයැයි කියන සැකකරුවෙක් ඇප මත මුදා හැරේ

පසුගිය දා යාපනයේ පැවැත්වූයේ යැයි කියන එල්ටීටීඊ මහවිරු සමරුව ට අදාල ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් රට තුළ හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට තැත් කළේ යැයි කියන කොළඹ 10 පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.

පෙරේදා දින රහස් පොලිසියේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපද සහිතව මහා විරු සමුරුවට අදාල ඡායාරූප පළ කර තිබූ බවය.

රට තුළ අර්බුදයක් ඇති කිරීමට තුඩු දෙන හා ජාතීන් අතර අර්බුදයක් ඇති කිරීමට හේතුවන කරුණු සමාජ ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවද සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවා දායකයා තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර නොමැති බවය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසියට උපදෙස් ලබා දෙමින් සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

Related posts

Bat-Signal shines in honour of Batman star Adam West

Mohamed Dilsad

Double-murder convict hacked to death in Hambantota

Mohamed Dilsad

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Editor O

Leave a Comment