Trending Newsඑසැන පුවත්දේශීය

වරප්‍රසාද එපා කියූ, මාලිමාවේ 80ක් මාදිවෙල පදිංචියට එන්න සූදානමින්

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙසේ ද කීවාය. මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත බාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කර කර තිබෙනවා. අයදුම්පත් ලැබෙන ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙනවා යැයි ද, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සඳහා ද 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහාත් වෙන්කර ඇතැයි ද ඇය කීවාය. පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්කළ හැකි බව ද, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ජනාධිපති රනිල්ට – කරුණා අම්මාන් කියයි.

Editor O

சிறுபான்மை மக்கள் மனக்கிலேசம் கொள்ளவேண்டியதில்லை – அமைச்சர் றிஷாட்-

Mohamed Dilsad

Prageeth Eknaligoda’s abduction case: Evidence hearing to begin on Feb. 20

Mohamed Dilsad

Leave a Comment