Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය දෙසැම්බර් 04 වෙනිදා යළි ඇරඹේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බව විභාග කොමසාරිස්වරයා කීවේය.

නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

කාලසටහනේ නියමිත විෂයන් දෙසැම්බර් මස 4 වන දින, ඒ අයුරින්ම ආරම්භ වන බව ද විභාග කොමසාරිස්වරයා කීවේය. මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව දෙසැම්බර් 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිත විෂයන් උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය 4 වෙනි බදාදා පැවැත්වේ.

කල්දැමූ උසස් පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දින පහත පරිදි වේ.

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා

මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Domination the goal as South Africa eye 2-0

Mohamed Dilsad

Additional SLTB buses to deployed as private bus strike commences

Mohamed Dilsad

Singapore fighter jets escort Scoot plane after bomb hoax

Mohamed Dilsad

Leave a Comment