Trending Newsඑසැන පුවත්දේශීය

සීයා කියපු කතාව හරියටම හරියයි. ”එල් බෝඩ්”, මාලිමා මන්ත්‍රීගේ සැපරිය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි.

ජාතික ජන බලවේගයේ මහලේකම්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ ගමන් කළ මෝටර් රථය ඊයේ (26) සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෝටර් රථයෙහි සිට නැත. නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන වැඩමුළුවට මන්ත්‍රීවරයා සහභාගී වී ඇති අතර ඔහුව රැගෙන යාම සඳහා රියදුරා මෝටර් රථයෙන් පාර්ලිමේන්තුවට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය ජල පොකුණට වැටී මැදටම ඇදී ගොස් ඇතැයි වාර්තා වන අතර පාර්ලිමේන්තු සේවකයින් විසින් රියදුරාව ආරක්ෂිතව ගොඩට ගෙන ඇති බව සඳහන්. හමුදාව සහ පොලීසිය විසින් මහ වැස්සේ තෙමෙමින්, ඊයේ (26) රාත්‍රියේම එම රථය පොකුණෙන් ගොඩට ගෙන ඇත.

Related posts

Premier Abe looks to support President Sirisena as a counterweight to Beijing

Mohamed Dilsad

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

சிறைத்தண்டனை வழங்கப்பட்ட சதொச நிறுவன முன்னாள் பதில் பொது முகாமையாளருக்கு பிணை

Mohamed Dilsad

Leave a Comment