Trending Newsඑසැන පුවත්දේශීය

නිදන් හෑරීමට නියෝග නොදුන් බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නැතැයි අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න විවෘත අධිකරණය ප්‍රකාශ කළේය. එම ස්ථානයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පො⁣ළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බව හෙතෙම සඳහන් කරයි.

අදාළ කැණීම සම්බන්ධයෙන් අධිකරණයට අද (26) කරුණු වාර්තා කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එ්බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවයි.

කෙසේ නමුත් , එකී කැණීම පිළිබඳ අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, නිධානයක් හාරමින් තියෙනවා. රටේ හොඳ කලදසාව එනකොට ඔක්කොම පිනට පහළ වෙනවා යැයි ද රැස්වීමකදී සඳහන් කළේය.

එම වීඩියෝවේ සැබැඳිය පහතින්

https://www.facebook.com/watch/?ref=embed_video&v=935791581793791

Related posts

තවත් ආසාදිතයන් පස් දෙනෙකු සොයා ගැනේ

Mohamed Dilsad

වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහය

Mohamed Dilsad

ரயில் சேவை அத்தியாவசிய சேவையாக அறிவிக்கும் வர்த்தமானிக்கு ஜனாதிபதி கையொப்பம்

Mohamed Dilsad

Leave a Comment