Trending News

උසස් පෙළ විභාගය දින තුනකට අත්හිටුවයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට(27) සිට ඉදිරි දින තුන සඳහා අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පැවසීය. අද (26) සවස පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම ලබන 30 වැනිදා සුපුරුදු ලෙස විභාගය ඇරැඹෙන අතර විභාගය නොපැවැත්වූ දින තුනෙහි විභාගය යළි දෙසැම්බර් 21,22 සහ 23 යන දිනයන්හි පැවැත්වීමට තීරණය කර ඇතැයිද විභාග කොමසාරිස්වරයා පැවසීය.“සෙනසුරාදා දින සිට නැවත විභාගය නියමිත පරිදි පැවැත්වෙනවා. එහිදී විභාග අපේක්ෂකයින්ගේ නියමිත විභාග කාලසටහන අනුවම විභාගය පැවැත්වෙනවා පැවැත්වෙනවා.” යැයි විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

Retirement of greats no excuse for poor ODI record – Malinga

Mohamed Dilsad

நாட்டின் பல பகுதிகளில் வெப்பமான வானிலை

Mohamed Dilsad

Seven US Navy crew missing after collision off Japan

Mohamed Dilsad

Leave a Comment