Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරමේ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට රිෂාඩ්ගෙන් කඩිනම් සහන

මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පියවර ගෙන තිබේ.

මන්නාරම දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට අඛණ්ඩව පවතින අධික වර්ෂාව නිසා, ජල ගැලීම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ සුවදුක් බැලීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයන් පිරිසක් 25 වෙනිදා එම ප්‍රදේශ වෙත ගියහ.

මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාවට, කඩිනම් සහන සැලසීම සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම දිස්ත්‍රික් ලේකම්තුමා හමුවී සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති රිෂාඩ් මහතා මෙසේ පැවසීය. “මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් පවුල් 7,500ක් පමණ පීඩාවට පත්ව සිටිනවා. එම ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා මේ වන විට කටයුතු යොදා තිබෙනවා යැයි ද කීවේය.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පිසූ ආහාර අඛණ්ඩව දින තුනක් ලබා දීමටත්, වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා කටයුතු කරන බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාව, නගර සභාව ඇතුළු ස්වේච්ඡා සංවිධාන සමඟ සම්බන්දවී පීඩාවට පත් ජනතාව සිටින ස්ථාන වෙත ඒවා කඩිනමින් බෙදා හැරීමට පියවර ගන්නා බවද කීවේය.

Related posts

Kristen Stewart opens up about playing Jean Seberg in her latest flick

Mohamed Dilsad

Millions of masks distributed to students in ‘gas chamber’ Delhi

Mohamed Dilsad

New cyclone batters Mozambique

Mohamed Dilsad

Leave a Comment