Trending Newsඑසැන පුවත්දේශීය

යාපනයේ කෝඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රීට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය.

මන්ත්‍රීවරයා විසින් 2021.03.22 දින බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

මීට පෙර නඩු දිනයේ ද ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණ ද එම වරෙන්තුව ක්‍රියාත්මක වී නැත.

අගතියට පාර්ශවය වෙනුවෙන් නීතීඥ අසංක මෙන්ඩිස්, නීතීඥ ෂෙහාන් රාජපක්ෂ සහ විනුර ජිනදාස යන නීතීඥවරුන් පෙනී සිටියේය.

Related posts

கனடா அரசின் புதிய சட்டம்…

Mohamed Dilsad

කටානේ දී කෝටි 3 කට ආසන්න මුදලක් කොල්ල කයි

Mohamed Dilsad

Akila Dananjaya banned from bowling for 1-year

Mohamed Dilsad

Leave a Comment