Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ට නොතීසි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නොතීසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි.

Related posts

சடுதியாக உயர்ந்த மரக்கறிகளின் விலை

Mohamed Dilsad

Google shuts down its Trips travel planning app

Mohamed Dilsad

பாராளுமன்றம் நாளை கூடவுள்ளது

Mohamed Dilsad

Leave a Comment