Trending Newsඑසැන පුවත්දේශීය

ලබන අවුරුද්දේ මුල තවත් ඡන්දයක්

ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් අද (23) හමුවූ අවස්ථාවේ ඇමතිවරයා එසේ පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. එමෙන්ම මීට වසර දෙකකට පෙර ලබා දුන් පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා වල සිටින අපේක්ෂකයින් ඇතැමුන් මිය ගොස් ඇති අතර, සමහර පිරිස් රට හැර දමා ගොස් ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කොට අලුතින් නාමයෝජනා කැඳවීමට කටයුතු කරනවාද නැද්ද යන්න තීරණය කරන බවද කීවේය. ඉදිරි වසරේ මුල් කාලයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන අතර දින සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ද කීවේය.

Related posts

உள்நாட்டு உற்பத்தி நிறுவனங்களை முடக்கும் முயற்சியில் அரசாங்கம் – விமல் குற்றச்சாட்டு

Mohamed Dilsad

Police HQ orders CID inquiry on IP Nishantha Silva leaving country

Mohamed Dilsad

Australian Home Affairs Minister to visit Sri Lanka

Mohamed Dilsad

Leave a Comment