Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ධූරය ලබා ගත් විදිය රවී කරුණානායක කියයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ මුලින් ඇති කරගත් එකඟතාවය අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. ඒ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැන සිටි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

ගිවිසුම සම්බන්ධයෙන් දන්නා නිසා රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව කතා නොකරන බවත් පවසන ඔහු දිගටම තමා පාර්ලිමේන්තුවේ රැඳී සිටීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී ධුරයකට පත්වීම සුළු පිරිසක් අකමැති වුවද සියයට 99%ක් කැමති බවද හෙතෙම කියා සිටියි. තලතා අතුකෝරල මහත්මියට මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට ඇතැමුන් කථා කළත් ඇය පක්ෂය මාරු කළ තැනැත්තියක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අතර අද 3 ට සාකච්ඡාවක්

Mohamed Dilsad

Army releases another 57 acres of land in Wanni to owners

Mohamed Dilsad

மீண்டும் கவர்ச்சி வலைவிரிக்கும் இலியானா

Mohamed Dilsad

Leave a Comment