Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක ට වැඩි පිරිසක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයට…?

මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු 159 දෙනාගෙන් 43 දෙනෙකුට පමණ විපක්ෂයේ අසුන් පැනවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරු 116 දෙනෙකුට පමණි.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් පැනවීමට පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය විසින් කටයුතු සැලසුම් කරමින් තිබේ. එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට සභා ගර්භයේ අසුන් ගැනීමට හැක අතර, ඊට පසුව එළඹෙන සභාවාරයේ සිට විධිමත්ව එක් එක් මන්ත්‍රීවරයාට අදාළව අසුන් පැනවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

Ronaldo header knocks Morocco out of World Cup

Mohamed Dilsad

கல்முனை வடக்கு பிரதேச செயலகத்தை தரமுயர்த்த மஹிந்த வாக்குறுதி – வியாழேந்திரன் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment