Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක ට වැඩි පිරිසක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයට…?

මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු 159 දෙනාගෙන් 43 දෙනෙකුට පමණ විපක්ෂයේ අසුන් පැනවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරු 116 දෙනෙකුට පමණි.

ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් පැනවීමට පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය විසින් කටයුතු සැලසුම් කරමින් තිබේ. එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට සභා ගර්භයේ අසුන් ගැනීමට හැක අතර, ඊට පසුව එළඹෙන සභාවාරයේ සිට විධිමත්ව එක් එක් මන්ත්‍රීවරයාට අදාළව අසුන් පැනවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානීයා හමුදාපතිවරයා හමුවෙයි

Mohamed Dilsad

India, Japan JV to set up LNG Import Terminal in Sri Lanka

Mohamed Dilsad

எல்பிட்டிய பிரதேச சபை தேர்தல் தொடர்பில் வர்த்தமானி வௌியீடு

Mohamed Dilsad

Leave a Comment