Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු වන්දි මුදල් රු. මිලියන 311ක් හානි පූර්ණ කාර්යාලයට ලැබිලා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇති බව නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය ට දැනුම් දී ඇත.

සිද්ධියට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.

අදාළ වන්දි මුදල් වින්දිතයින්ට ගෙවා තිබෙන ආකාරය පිළිබදව වාර්තාවක් මීළග නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්හ. අදාළ පෙත්සම ලබන පෙබරවාරි 27 වනදා යළි කැඳවීමටයි නියමිතයි.

Related posts

ஈரானில் விமான விபத்து – 11 பேர் பலி

Mohamed Dilsad

இராணுவ முகாமில் இராணுவ வீரர் தற்கொலை

Mohamed Dilsad

President, UNF meeting concludes [UPDATE]

Mohamed Dilsad

Leave a Comment