Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දානන්ද අලුත්ගමගේ තීරණයක් ගනී

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව අද (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

දශක හතක කාලයක් අලුත්ගමගේ පරම්පරාව නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වු බවත්, ඉන් දශක තුනක් තමන් දේශපාලනයේ නිරත වු බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති නිසා තමන් දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කළ බද මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

මෙවර පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණෙන් ගෑස් සිලින්ඩරයෙන් තමන් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කළ බවත්, ජන්ද දායකයන් මනාප 20,401 ක් පමණක් ලබා දි තිබු බවත්, තමන් මිට ප්‍රථම පැවති මැතිවරණවලදි ලක්ෂ දෙකකට ආසන්න මානප ප්‍රමාණයක් ලබාගත් නිසා ජනතාවට තමන්ගේ දේශපාලනය අවශ්‍ය නොවන බවට පෙන්නුම් කර ඇති නිසා දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේදි විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට දිගින් දිගට මඩ ප්‍රහාර එල්ල කලද, ඒවා ඉවසා දරා ගනිමින් තමන් දේශපාලනයේ රැදි සිටියේ තම ආසනයේ ජන්ද දායකයින් වෙනුවෙන් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

තම දේශපාලන ගමනේදි තමන්ට නන් අයුරින් උපකාර කළ සහ නොකළ සියළු දෙනාට සිය ස්තුතිය පුද කරනු ලැබුහ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා අවස්තාවට පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි විය.

Related posts

IIHS ගෝලීය සෞඛ්‍ය සේවා නායකයන් සඳහා ඇති ඉල්ලුම සැපිරීමට EMBA වැඩසටහන් තුනක්

Editor O

“President has no legal right to influence the activities of the parliament” – Filed Marshall Sarath Fonseka [VIDEO]

Mohamed Dilsad

IMF publishes a study on an open economy quarterly projection model for Sri Lanka

Mohamed Dilsad

Leave a Comment