Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී

දසවන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරු ලියාපදිංචි කිරීම 19 සහ 20 දෙදින තුළ කරන බව පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් නීතීඥ චමින්ද කුලරත්න ප්‍රකාශ කළේය. එම දින දෙක තුළ පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා පාර්ලිමේන්තුවේ විශේෂ කවුළු විවෘත කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවට පත්වන නවක මන්ත්‍රීවරුන් ඇතුළු සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ තෙදින වැඩමුළුවක් එළඹෙන 25, 26 සහ 27 දින වල පාර්ලිමේන්තුවේ දී කටයුතු පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්. නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.

Related posts

යූරියා සහ බන්ඩි පොහොර ලබන සඳුදා සිට බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

Emergency cabinet meeting begins

Mohamed Dilsad

Leave a Comment