Trending Newsඑසැන පුවත්දේශීය

කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරිනියක් ජීවිතක්ෂයට

කැස්බෑව මඩපාත පොල්හේන සිරි සඳහම් භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය එම මධ්‍යස්ථානය තුළදී  හදිසියේ රෝගී වී ඊයේ (13) රාත්‍රී  හදිසියේ  මියගිය බව කැස්බෑව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාවා  කරන පයාගල  ,ඉඳුරුවගොඩ , කෝපිවත්ත  පදිංචිව සිටි  ලියනගේ චාමිකා රුවනි ලියනගේ 48 මෙනවියයි. මියගිය එම නිලධාරිනිය ඊයේ (13)  රාත්‍රී තවත් නිලධාරිනියන් දෙදෙනෙකු සමග භික්‍ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටියදී  රාත්‍රී 8.30 ට පමණ හදිසි රෝගී තත්ත්වයක් ඇතිවී  ඇත.

ඇය පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කරන විටත්, මියගොස්ව සිට ඇතැයි  පොලිසිය සඳහන් කරයි. මියගිය නිලධාරිනිය යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පිළියන්දල දිසා රෝහල වෙත පැමිණි කැස්බෑව හදිස්සි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා  මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය

Related posts

AG directs CID to arrest Rajitha

Mohamed Dilsad

“අද තීරණාත්මකයි”

Mohamed Dilsad

Thehan and Oneli bag U16 single titles

Mohamed Dilsad

Leave a Comment