Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ වැඩසටහන ගැන පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයෙන් නිවේදනයක්

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදාට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් මස 14 වන දිනට යෙදී ඇත. එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225කි.

පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේ දී විශේෂ කටයුතු රැසක් සිදු කරන අතර, එහි ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ටය. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට ලැබේ.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ඇත. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තෝරා පත්කෙරේ.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්

Related posts

Heavy rains in Japan cause deadly landslides and floods

Mohamed Dilsad

சமூக நீதியை உறுதிப்படுத்துவதற்கு அரசாங்கம் அர்ப்பணிப்புடன் உள்ளது – ஜனாதிபதி

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් වෙබ් අඩවි කිහිපයක් බිඳ වැටේ

Mohamed Dilsad

Leave a Comment