Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු දිනය මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු සඳුදා (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක පමණි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ, ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, නිහඬ කාලය ඇරඹෙනවා 11 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට. ඒ කාලයේ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් නොකළ යුතු බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා. පසුගිය 30, 01 හා 04 යන දිනයන්හී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූවන් සඳහා එම විශේෂ දින දෙක යොදවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

Related posts

Liverpool make record bid for Roma keeper Alisson

Mohamed Dilsad

ග්‍රීන් කාඩ් ගැන ඇමෙරිකානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්

Editor O

Visitor mauled to death by tiger in zoo – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment