Trending Newsඑසැන පුවත්දේශීය

අවුරුදු 30ක ට පසු පලාලි – අච්චුවේලි මාර්ගය විවෘත කරයි.

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර සානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ.

වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේය.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගැනිණි.

Related posts

ගතවූ පැය 24 ට නිරෝධායන නීති නොතැකූ 947 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

උසස්පෙළ විෂයන් සඳහා පෙළ පොත්

Mohamed Dilsad

විදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment