Trending Newsඑසැන පුවත්දේශීය

කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඉ-බ්‍රාහීම් බේරගන්නද ? – උදය ගම්මන්පිළ ප්‍රශ්න කරයි.

ආණ්ඩුව පාස්කු කමිටු වාර්තා පදනමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නේ තමන් පාස්කු විමර්ශනය භාර දීමට සිටින පාස්කු චුදිතයින් දෙදෙනා බේරා ගැනීමට කියන එක පැහැදිලි බව සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි. පිටකෝට්ටේ ප්‍රදේශයේ දී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිළි මහතා ඒ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිළ මහතා මෙසේ ද කීවේය. අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කළ ආකාරයටම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා විසින් ඉමාම් කමිටු වාර්තාවත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ ඒකට හේතුව විධියට කමිටු සභාපතිනියට විෂමාචාර චෝදනා තිබෙන බවට බොරුවක් කිව්වා. කමිටු සභාපතිනිය විෂමාචාරයකට වැරදිකරු වුණු බව පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම විජිත ඇමතිතුමාට අභියෝග කළා. තමන් කිව්වේ පට්ටපල් බොරුවක් බව විජිත ඇමතිතුමා නිහඬතාවයෙන් පිළිගත්තා.

ඒ වගේම සාමාජිකයින්ගේ හැකියාව හෝ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක මතු කරන්න ඕනි කමිටුව පත් කළ අවස්ථාවේ මිස වාර්තාව නිකුත් කරලා ඒක තමන්ට අවාසියි කියලා දැක්කාම නොවේ කියන එක අපි පෙන්වලා දුන්නා. ඉමාම් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන විට අඩුම ගණනේ ඒකට හේතුව කියන්නවත් ආණ්ඩුව ඉදිරිපත් වුණේ නෑ. මෙම වාර්තා ප්‍රථික්ෂේප කිරීමේ බලය තිබෙන්නේ අභියාචනා අධිකරණයට මිස රජයේ මාධ්‍ය ප්‍රකාශකට නොවන බව මම විජිත හේරත් මැතිතුමාට මතක් කරනවා.

ඒ නිසා මේ වාර්තා පදනමකින් තොරව ප්‍රතික්ෂේප කරන්නේ තමන් පාස්කු විමර්ශනය බාර දීමට සිටින පාස්කු චුදිතයින් දෙදෙනා බේරා ගැනීමටයි කියන එක රටටම පැහැදිලියි. පාස්කු නඩුවේ චුදිතයෙකු වෙන්න ඕනි ඒත් එහෙම වුණේ නැති මාලිමාවේ මොහොමඩ් ඉ-බ්‍රහිම් බේරා ගන්න නම් රවි – ශානි දෙන්නා විතරක්ම මේ විමර්ශනය කරන්න ඕනි කියලා ආණ්ඩුව තීරණය කරලා තිබෙන බවයි මේකෙන් පේන්නේ. නීතියේ ආධිපත්‍ය පිහිටුවන්න පොරොන්දු වෙලා බලයට ඇවිත් පාක්ෂිකයින් වන රවි, ශානි ඊබ්‍රහිම් බේරා ගන්න දරණ කැත උත්සාහය ගැන ජනතාව බලා ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Related posts

Mid-term elections: Democrats win House in setback for Trump

Mohamed Dilsad

நாளாந்த விபத்துகளில் 25 பேர் உயிரிழப்பு-திலக் சிறிவர்தன

Mohamed Dilsad

Luxury goods join Hong Kong retail slump as protests bite

Mohamed Dilsad

Leave a Comment