Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රාමීය දරුවන්ට, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකි අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරාවිද ? – නාමල් රාජපක්ෂ 

ග්‍රාමීය දරුවන්ටත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ලෝක රැකියා වෙළඳපොලට යොමුවීමට හැකිවන අධ්‍යාපනයක් නිර්මාණය කිරීමේ වගකීම ජනාධිපති අනුර දිසානායක මහතා සතු බැවින් ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මැදවච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. අපට පුළුවන් දේ අපි පුළුවන් කියනවා, බැරි දේ බැහැයි කියනවා. වත්මන් ආණ්ඩුවට අපි මඩ ගහන්නෙ නෑ. හැබැයි අපි ප්‍රශ්න කරනවා. අපි අද ප්‍රශ්න කරන්න ඕනෙ එතුමන්ලා මේ රටේ අධ්‍යාපනය වෙනස් කරන්න එතුමන්ලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? මේ රටේ අධ්‍යාපනය පස්සට ඇදලා දැම්මෙ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය සහ ගුරු සංවිධානය. අද ඒ ශිෂ්‍ය සංවිධාන සහ ගුරු සංවිධාන එක මේසයකට ගෙනල්ලා ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා කැබිතිගොල්ලෑවෙ, මැදවච්චියේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අම්මාගෙ තාත්තාගෙ දරුවාට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ලෝක රැකියා වෙළඳපොළට යොමුකරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් දක්වා මේ අධ්‍යාපනය වෙනස් කරන්න. අපි පක්ෂයක් විදියට ආණ්ඩුවට බලපෑමක් කරනවා, ඒ අධ්‍යාපනයේ වෙනස්කම් කරලා මේ රටේ දරු පරම්පරාවට සාධාරණයක් කරන තැනට මේ ආණ්ඩුව කටයුතු කරතෙක් අපි අවධානයෙන් ඉනන්වා යැයි ද කීවේය.

Related posts

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ஜனாதிபதி இன்று ஐக்கிய நாடுகள் பொதுச் சபை கூட்டத்தில் விசேட உரை

Mohamed Dilsad

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment