Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින්ගේ ලියාපදිංචිය, අද (27) සිට ආරම්භ කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. පවතින යුධමය තත්ත්වයත් සමග අනාරක්ෂිත බවක් හැඟී යන්නේ නම්, ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට ලියාපදිංචි වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේය.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (27) විවෘතව තැබේ. ඒ සඳහා විදෙස් ගමන් බලපත්‍රය, වීසා බලපත්‍ර ඇතුලු ලේඛණ රැගෙන යාම අනිවාර්යවේ. කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කර ඇති ලාංකිකයින්, එලෙස පිටත්ව යෑම සඳහා සිය සේවා යෝජකයාගේ ලිඛිත කැමැත්ත ලබා ගත යුතු වෙයි. මේ අතර ගුවන් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරන පූර්ව දැනුම්දීම් පිළිබඳ ඉතා සැළකිලිමත් වන්නැයි තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

එවැනි අවස්ථාවල අදාළ ප්‍රදේශවලින් ඉවත්ව, වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කළ යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් නතර කර, හැකි තරම් සිය සේවා ස්ථානය තුළ රැඳී සිටින්නැයි ද, ලෙබනනයේ සිටින ලාංකිකයින්ට, තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙනු ලබනවා. යම් ගැටළුවක් ඇත්නම්, 00 961 791 255 89 යන දුරකතන අංකය අමතා, තානාපති කාර්යාලයට දැනුම්දෙන ලෙසද ඉල්ලීමක් කරයි.

Related posts

மாகந்துரே மதூஷ் இனது லீலையில் இளம் பெண்?

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Fifty-one arrested at Facebook party with narcotics

Mohamed Dilsad

Leave a Comment